Viewed 340 Times.
| "කරන්ට් එක" වදින්නේ මෙහෙමයි මෙරට විදුලි බල නිෂ්පාදනයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ආනයනික ඛනිජ තෙල් හා ගෑස් මගිනි. මේ නිසා ලෝක තෙල් මිල ඉහළ යාම අනුව මෙරට විදුලි බල නිෂ්පාදනයේද මිල ඉහළ යයි.2007-2008 දී ලෝකයේ තෙල් මිල ඉහළම මිලකට පැමිණි අයුරු ඔබට මතක ඇති. එහිදී අපේ රටේ විදුලි බල නිෂ්පාදන වියදම ඒකකයක් රු 14 සිට 50 දක්‌වා ප්‍රමාණයකට ඉහළට එසවිණි. ඊට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්‌ඩලය ද 2008 වසරේදී විදුලි ගාස්‌තු සංශෝධනයට ලක් කළ අතර 2008 නොවැම්බර් 10 දා වනදා සිට ක්‍රියාත්මක වන්නේ එම අය ක්‍රමය වේ. ඉහත අය ක්‍රමය මගින් එක් අතකින් විදුලි බල සංරක්‌ෂණයට දිරිදීම සඳහා දින 30 කදී ඒකක 90 ට වඩා අඩු විදුලි පරිභෝජනයක් කරනු ලබන විදුලි පාරිභෝගිකයන් සඳහා රුපියල් 30 ක වට්‌ටමක් ලබාදීමට කටයුතු කර ඇත. එමෙන් ම දින 30 කදී විදුලි ඒකක 90 ඉක්‌මවන විදුලි පාරිභෝගිකයන් ගෙන් 30% ක ඉන්ධන ගැලපුම් ගාස්‌තුවක්‌ද අය කෙරේ. ඒ අනුව ඔබේ නිවසේ විදුලි බිල් පත සකස් වන ආකාරය බලමු. ඉහත උදාහරණ අනුව ඔබට දින 30 ක් තුළ දී ඒකක 90 ක් පරිභෝජනය කිරීම පිළිබඳව යම් ගැටලුවක් පැන නඟිනු ඇත. ඔබේ නිවසට මාසිකව දින 30 ක් ඇතුළත මනු කියවන්නා නොපැමිණිවිට ඔබට යම්කිසි පාඩුවක් සිදුවනු ඇතැයි යනුවෙන් ඔබට සිතෙන්නට පුළුවන. නමුත් එසේ පාඩුවක් සිදු නොවේ. මනු කියවන්නා දින 35 ක් පසුවී පැමිණියහොත් ඔහු විසින් ඔබ පරිභෝජනය කර ඇති විදුලි ඒකක ගණන 35 න් බෙදා නැවත 30 න් වැඩිකර බලා ඔබ දින 30 ක විදුලි ඒකක 90 ක් පරිභෝජනයකර ඇත්නම් අදාළ රු 30.00 ක වට්‌ටම ලබාදෙන අතර දින 30 කදී 90 ඉක්‌මවා ඇත්නම් පමණක් 30% ඉන්ධන ගැලපුම් ගාස්‌තුව අයකරනු ඇත.
|
මෙරට විදුලි බල නිෂ්පාදනයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ආනයනික ඛනිජ තෙල් හා ගෑස් මගිනි. මේ නිසා ලෝක තෙල් මිල ඉහළ යාම අනුව මෙරට විදුලි බල නිෂ්පාදනයේද මිල ඉහළ යයි.