පූසාරිවරයාගෙන් කප්පම් ගත් දෙදෙනා අත්අඩංගුවේ
Jun 10, 2012 09:22 am
රක්වාන නගරයේ පිහිටි හින්දු කෝවිලක පූසාරිවරයෙකුට තර්ජනය කර කප්පම් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දුරකතනයෙන් තර්ජනය කර අදාළ පූසාරිවරයාගෙන් රුපියල් දෙලක්ෂ 50,000 ක පමණ මුදලක් සැකකරුවන් විසින් කප්පම් වශයෙන් ලබාගෙන ඇති අතර තවත් ලක්ෂ 30 ක මුදලක් ඉල්ලා තර්ජනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ පිළිබඳ කළ විමර්ශනයක දී අත්අඩංගුවට ගත් සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)

This News Viewed 38 Times
Viewer Comments