ශ්‍රී ලංකාව ලකුණු 44 න් ජය ලබයි
Jun 17, 2012 09:00 am
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැති සිව්වන එක්දින තරගය පකිස්ථානය පරදා ලකුණු 44 න් ජය ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පකිස්ථානයට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් විසින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 243 ක් රැස්කරගනු ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර සංගක්කාර ලකුණු 97 ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 45 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 199 ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමට නිතර වූ තිසර පෙරේරා සිය ප්‍රථම පිට පිට ලබාගත් කඩුලු ත්‍රිත්වය ලබාගැනීමට සමත්විය.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)

This News Viewed 64 Times
Viewer Comments