ලාෆ්ස් කොටස් නිකුතුවට ඉහළ ඉල්ලූමක්
Nov 16, 2010 09:52 am
සිය ව්‍යාපාරික කටයුතු විවිධාංගීකරණය කිරීමේ අරමුණින් ලාෆ්ස් ගෑස් සමාගම මහජනතාව වෙත නිකුත් කළ රුපියල් බිලියන 2.5 ක කොටස් නිකුතුව සදහා ලැබී ඇති ඇනවුම් සංඛ්‍යාව රුපියල් බිලියන 43.3 ක් වන බව එම සමාගම පවසනවා. ලාෆ්ස් සමාගම මගින් රුපියල් 23 බැගින් සාමාන්‍ය කොටස් මිලියන 75 ක් නිකුත් කළ අතර එමගින් රුපියල් මිලියන 1725 ක් ඉපයීමට අපේක්ෂා කළා. රුපියල් 15 බැගින් වූ ලාෆ්්ස් නිඡන්ද කොටස් මිලියන 52 ක් නිකුත් කෙරුණේ රුපියල් මිලියන 780 ක් ඉපයීමේ අපේක්ෂාවෙන්. එහෙත් ලාෆ්ස් සාමාන්‍ය කොටස් සදහා රුපියල් බිලියන 28.3 ක ඇනවුම් ලැබී ඇති අතර, නිඡුන්ද කොටස් ස`දහා ලැබී ඇති ඇනවුම් සංඛ්‍යාව රුපියල් බිලියන 13.9 ක්. මෙම කොටස් අයදුම්කරුවන් අතර බෙදා හරින ආකාරය ලාෆ්ස් සමාගම මගින් ඉක්මණින්ම ප‍්‍රකාශයට පත් කරනු ඇති.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)
This News Viewed 381 Times
Viewer Comments