අන්තර් ජාලයේ අපරාධ ගැන සර්ට් අවදියෙන්
Dec 14, 2010 09:16 am
අන්තර්ජාලය තුළ සිදුවන ඕනෑම වංචාකාරී සිදුවීමක් පිළිබඳව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සන්සදය වෙත දැනුම් දෙන ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අන්තර්ජාලය භාවිතා කිරීම ව්‍යාප්ත වීමත් සමග විවිධ පුද්ගලයින් වංචාකාරී හා විනාශකාරී දේ සිදු කිරීමටද පෙළැඹී ඇතැයි ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධාන විධායක ලාල් ඩයස් මහතා ප්‍රකාශ කරයි.

විශේෂයෙන් FACE BOOK වැනි සමාජ සබඳතා වෙබ් අඩවි වලට පිවිසෙන අයගේ රහස් මුරපද ප්‍රයෝගකාරීව සොරකම් කිරීමටද ඇතැම් කූට පුද්ගලයින් පෙළඹී සිටින අතර එමගින් මුදල් ඉපැයීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

අන්තර්ජාලය තුළ සිදුවන මෙවැනි අපරාධකාරී සහ වංචාකාරී ක්‍රියා පිළිබදව ශ්‍රී ලංකා සර්ට් ආයතනයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පරිගණක අපරාධ පනත යටතේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ශ්‍රී ලංකා සර්ට් ආයතනය ක්‍රියාත්මක වන අතර මේ පිළිබද වැඩිවිස්තර www.slcert.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිවේ.
(පුවත් අනුග්‍රහය අද‍දෙරන ‍වෙබ් අඩවිය)
This News Viewed 285 Times
Viewer Comments
Share this Article with a Friend
Provide your friends' "Email address (Multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
Recepient(s) :
Name :