අන්තර් පළාත් ක්‍රිකට් ගැටුම අද
Jan 26, 2011 02:21 pm
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(26) පැවැත්වේ. කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස මෙය පැවැත්වීමට නියමිතය.

බස්නාහිර පළාත් කණ්ඩායම සහ කඳුරට පළාත් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබේ. බස්නාහිර පළාත් කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන අතර කඳුරට කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරයි.

තරගාවලියට පළාත් කණ්ඩායම් 5ක් සහභාගී වන අතර අවසන් පූර්ව තරග වල දී රුහුණු පළාත පරාජයට පත් කරමින් කඳුරට කණ්ඩායමත් වයඹ පළාත පරදමින් බස්නාහිර පළාත් කණ්ඩායමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
(පුවත් අනුග්‍රහය අද‍දෙරන ‍වෙබ් අඩවිය)
This News Viewed 558 Times
Viewer Comments
Share this Article with a Friend
Provide your friends' "Email address (Multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
Recepient(s) :
Name :