විශිෂ්ට ප‍්‍රතිඵලලාභීහු ජනශක්ති සම්මාන උළෙල දීප්තිමත් කරති
Mar 25, 2011 05:12 pm
ශ‍්‍රී ලංකා රක්ෂණ ඉතිහාසයේ උත්කර්ෂවත්, වර්ණවත් සහ නිර්මාණාත්මක සම්මාන ප‍්‍රදානෝත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ප‍්‍රකටව සිටින ජනශක්ති රක්ෂණ සමාගම රෝමානු අධිරාජ්‍යයේ ප‍්‍රභාමත් ශ‍්‍රී විභූතිය සිහි ගන්වන අලංකාර සම්මාන ප‍්‍රදානෝත්සවයක් පවත්වමින් 2011 වාර්ෂික විශිෂ්ටතා සම්මාන උළෙලේදී අලෙවි අංශයේ සහ වෙනත් විශිෂ්ට දක්ෂතා පෙන්වූ 150 කට වැඩි සංඛ්‍යාවකට ගුවන් ටිකට් පත්, මුදල් ත්‍යාග, කුසලාන සහ විශිෂ්ටතා සහතික පත් පිරිනැමීම සිදුකෙරිණි.
මෙම සුවිශේෂී වර්ණවත් උළෙල මාර්තු 8 අඟහරුවාදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත් වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සභාපති ඩබ්ලිව්. ටී. එල්ලාවල මහතා සහභාගී වූ අතර ගරු ආරාධිත අමුත්තන් වශයෙන් නියෝජ්‍ය සභාපති සී.ටී.ඒ. ශාෆ්ටර් මහතා, කළමනාකරණ අධ්‍යක්ෂ ප‍්‍රකාශ් ශාෆ්ටර් මහතා, ජනශක්ති අධ්‍යක්ෂ මණ්ඩලයෙහි අර්ඞ්ලි පෙරේරා මහතා, රමේෂ් ශාෆ්ටර් මහතා, එල්,සී,ආර්,ද,සී විජේතුංග මහතා, මංජුලා මැතිව්ස් මහත්මිය, දේශමන්‍ය ආචාර්ය නිහාල් ජිනසේන මහතා, අනූෂා කුමාරස්වාමි මෙනෙවිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්, විශේෂ ආරාධිතයන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් ඇතුළුව 1200 කට අධික පිරිසක් සහභාගී විය.
මේ වසරේ තේමාව"විජයග‍්‍රාහකයා"(The Conquerors) යන්නයි. ආරාධිත සියලූ දෙනා වසර 2000 ක් ඈත ඉතිහාසයේ එංගලන්තයේ සිට අප‍්‍රිකාවටත් සිරියාවේ සිට ස්පාඤ්ඤයටත් විහිදුණු රෝමානු අධිරාජ්‍යයේ ප්‍රෞඩ අභිමානයට කැඳවාගෙන යනු ලැබීය. එම කාලයේ ජීවත් වූ සෑම සිව් දෙනෙක්ගෙන්ම එක් අයෙක් රෝම නීතියේ ආධිපත්‍යයට යටත් විය. රෝමානු අධිරාජ්‍යයේ ජයග‍්‍රහණය පසුපස සිටි ප‍්‍රමුඛතම බලවේගය වූයේ ලෝක ඉතිහාසයේ සාර්ථකම බලකාය වූ රෝමන් හමුදාවයි. ඒ ආකාරයෙන්ම ජනශක්ති රක්ෂණ සමාගමේ අලෙවි බලකාය ගෞරවනීයල පක්ෂපාතී , මනා ශික්ෂණයකින් යුත් ඉහළ පුහුණුවක් ලද වීරවරයන් පිරිසක් වන මොවුන්ල ලද වගකීම් ඉක්මවා අපේක්ෂාවන්ට ඔබ්බෙන් අත්පත් කරගත් විජයග‍්‍රහණයන් අන් අයට සිහිනයක් පමණක් වූ සුවිශේෂත්වයක් දරයි.
1995 සිට නොකඩවා 17 වන වරටත් මෙවර පවත්වනු ලබන ජනශක්ති විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී වෙළෙඳ සහ අලෙවි අංශවලින් පමණක් නොව ක‍්‍රීඩා සහ විශේෂ ජයග‍්‍රහණ හිමිකර ගත් අය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක ලබා ඇති ජයග‍්‍රහණ ඇගයීම, ඒවාට සම්මාන ප‍්‍රදානය කිරීම සහ ගරු කිරීම සිදුවිය. තනි පුද්ගලයන් වශයෙන් ලබා ඇති ජයග‍්‍රහණ, කණ්ඩායම් ලෙස ලබාගත් ජයග‍්‍රහණ මෙන්ම ඵලදායී ක‍්‍රියාකාරී සාමූහිකත්වය සඳහා පිරිනමන මෙම සම්මාන මඟින් නව නිපයුම් සහ අඛණ්ඩව සේවා ඉහළ නැංවීමට දක්වන කැපවීම පෙන්නුම් කිරීමකි.
2010 වසර තුළ දී ප‍්‍රශස්ත ක‍්‍රියාමාර්ගවල ඉහළම ප‍්‍රමිති සහ නව්‍යතා වෙනුවෙන් වූ අභිලාෂය පෙන්නුම් කරමින් මෙහිදී 150 කට වැඩි ජයග‍්‍රාහකයෝ නිසි පිළිගැනීමට ලක් කරනු ලැබූහ. පිරිනැමූ ප‍්‍රධාන සම්මානවලින් කිහිපයක් මෙසේය."ජීවිත රක්ෂණ අලෙවියේ විශිෂ්ටතම අලෙවිකරුවාට"හිමි සම්මානයෙන් පිදුම් ලැබූයේ මහවැව ප‍්‍රාදේශීය ශාඛාවේ එම්. තංගයියා විසිනි."විශිෂ්ටතම ජීවිත රක්ෂණ අලෙවි කණ්ඩායම් අංශයේ "සම්මානයෙන් පිදුම් ලැබූයේ මීගමු ශාඛාවේ යූ. එස්. එන්. ප‍්‍රනාන්දු ය."විශිෂ්ටතම ජීවිත රක්ෂණ අලෙවි සුපරීක්ෂක"ලෙස සම්මානයෙන් පිදුම් ලැබූයේ දෙහිඅත්තකණ්ඩිය ශාඛාවේ කේ. එම්. එස්. ලක්ෂ්මන් ය. හංවැල්ල ශාඛාවේ කේ. පී. එම්. කේ. කාරියවසම්"ජීවිත රක්ෂණ අලෙවි අංශයේ විශිෂ්ටතම ව්‍යාපාර ප‍්‍රවර්ධන සහායක" සම්මානයෙන් පිදුම් ලැබීය."විශිෂ්ටතම ව්‍යාපාර ප‍්‍රවර්ධන නිලධාරී" නුවරඑළිය ශාඛාවේ එස්. පී. සී. සම්පත්ය. මීගමු ශාඛාවේ පී. එච්. ඞී. එස්. ප‍්‍රනාන්දු "ජීවිත රක්ෂණ අංශයේ හොඳම ජ්‍යෙෂ්ඨ/ව්‍යාපාර ප‍්‍රවර්ධන විධායක" සම්මානයෙන් පිදුම් ලැබීය. ජීවිත රක්ෂණ අංශයේ"හොඳම ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකරු" වූයේ ජේ. එන්. ආදිහෙට්ටිය. රථවාහන නොවන රක්ෂණ අංශයේ"විශිෂ්ටතම අලෙවි නිලධාරි "ලෙස කොළඹ මෙට්‍රෝ ශාඛාවේ පී. එච්. ඒ. මධුසංඛ සම්මානයෙන් පිදුම් ලැබීය. මහවැව ප‍්‍රාදේශීය ප‍්‍රවර්ධන ශාඛාවේ එම්. තංගයියා"හොඳම ප‍්‍රාදේශීය සංවර්ධන ශාඛා නිලධාරී"ලෙස සම්මානයට පාත‍්‍ර විය.
කොළඹ ඉන්ටර්ගේ‍්‍රටඞ් ශාඛාවේ කේ. එච්. රාජ්මෝහන්"සාමාන්‍ය රක්ෂණ අංශයේ විශිෂ්ටතම ව්‍යාපාර ප‍්‍රවර්ධන අලෙවි සුපරීක්ෂක"ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම පිළියන්දල ශාඛාවේ ජී. එල්. එන්. සී. ද සිල්වා"විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර ප‍්‍රවර්ධන සහායක"ලෙසද කුරුණෑගල ශාඛාවේ එච්. එම්. එස්. එම්. බී. හේරත් සාමාන්‍ය රක්ෂණ අංශයේ"විශිෂ්ටතම ව්‍යාපාර ප‍්‍රවර්ධන නිලධාරී"ලෙස ද කොළඹ මෙට්‍රෝ ශාඛාවේ ආර්. පී. ඩබ්ලිව්. මියුරු සාමාන්‍ය රක්ෂණ අංශයේ"විශිෂ්ටතම ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප‍්‍රවර්ධන විධායක"ලෙස ද පිදුම් ලැබීය. සාමාන්‍ය රක්ෂණ අංශයේ "විශිෂ්ටතම ව්‍යාපාර ප‍්‍රවර්ධන සහකාර කළමනාකරු"ලෙස සම්මානයෙන් පිදුම් ලැබූයේ නුවර ශාඛාවේ එම්. කේ. ජී. ඩබ්ලිව්. රණසිංහය.
කොළඹ මෙට්‍රෝ ශාඛාවෙහි එම්. ආර්. ෆයිරෝස් සාමාන්‍ය රක්ෂණ අංශයෙන් (Star Perfomer) සම්මානයෙන් පිදුම් ලැබීය. ජීවිත රක්ෂණ අංශයේ"විශිෂ්ටතම සහකාර /කාර්යසාධක කළමනාකරුට" හිමි සම්මානයෙන් මීගමු ශාඛාවේ එම්. කේ. පී. කේ. පෙරේරා පිදුම් ලැබූ අතර සාමාන්‍ය රක්ෂණ අංශයේ "විශිෂ්ටතම සහකාර / කාර්යසාධක කළමනාකරු"වූයේ කොළඹ මෙට්‍රෝ ශාඛාවේ එම්. එස්. සම්පන් ය.
2010 වසරේ"විශිෂ්ටතම ප‍්‍රාදේශීය අලෙවි කළමනාකරු සාමාන්‍ය රක්ෂණ"සම්මානයෙන් පිදුම් ලැබූයේ එච්. එම්. ඞී. එස්. රන්දික වූ අතර "විශිෂ්ටතම ප‍්‍රාදේශීය අලෙවි කළමනාකරු ජීවිත රක්ෂණ"සම්මානයෙන් පිදුම් ලැබූයේ සකුණ ජයසූරියයි. සම්මාන රාත‍්‍රියේ ප‍්‍රධාන අවස්ථාව වූයේ සිය විශිෂ්ට අලෙවි දක්ෂතා වෙනුවෙන් "සභාපති සම්මානයෙන්" පිදුම්ලත් එම්. කේ. පී. කේ. පෙරේරා සිය සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවයි. මෙම ජයග‍්‍රාහකයා වේදිකාවට කැඳවාගෙන එන ලද්දේ විසිතුරු ලෙස සරසන ලද විශේෂ අශ්ව රථයකින් සහ අලංකාර පෙරහරක් පෙරටු කොට ගෙනය.
තවත් වැදගත් විශේෂාංගයක් වූයේ අලෙවි බළමුළුවේ ඇතැම් සාමාජිකයන් අන්තර් ජාතික ප‍්‍රමිති කරා ළඟාවීම පිළිගැනීමට ලක් කිරීමය. එවැනි ජයග‍්‍රයණ කරා ළඟාවූ ජීවිත රක්ෂණ සාමාජිකයන් 5 දෙනෙක් මූල්‍ය වෘත්තිකයන් සඳහා වන ලෝකයේ ප‍්‍රමුඛ සංගමය වන (MDRT (Million Dollar Round Table) සඳහා සුදුසුකම් ලබාගත්හ. අඛණ්ඩව හත් වන වරටත් ඵෘඍඔ සුදුසුකම ලැබූ හැටන් ශාඛාවේ ජී. එස්. රුවන් කුමාර වාර්තාවක් එකතු කළේය. ඔහුත් සමග ජනශක්ති පවුලේ සමන් මොරවක, එම්. තංගයියා, බී. එල්. ජේ. ශ‍්‍රී සහ ටී. ජයසිංහ ඒ සඳහා සුදුසුකම් ලැබූ සෙසු සාමාජිකයන් අතර විය.
තවද ජනශක්ති පවුලේ සාමාජිකයෝ 47 දෙනෙක් අන්තර් ජාතික තත්ත්ව සම්මානය (IQA) දිනාගත්හ. මේ අතර සාමාජිකයෝ 151 ක් අන්තර් ජාතික ඵලදායිතා සම්මානයෙන් (IAP) පිදුම් ලැබූහ. ඔවුන් අතරින් ලොව විශාලතම ජීවිත රක්ෂණ පර්යේෂණ ආයතනය වන LIMRA ප්ලැටිනම් සම්මාන 19 ක් දිනා ගත්තේය. ජනශක්ති සභාපති ඩබ්ලිව්.ටි. එල්ලාවල මහතා සභාව අමතමින් වසර 17ක් පුරා විශිෂ්ට සේවයක් ලබාදීම ගැන කාර්ය මණ්ඩලයට සිය ස්තුතිය පුද කළේය."2010 දී අපේ ජයග‍්‍රහණ අතිවිශිෂ්ටයි. රක්ෂණ ක්ෂේත‍්‍රයේ තවත් තරගකරුවන් 19 දෙනෙක් සමග තියුණු තරගකාරී විශිෂ්ටත්වයක් දැක්වීමට අපට හැකි වුණා. අඛණ්ඩ ශක්තිමත් වර්ධනයක් අප පෙන්නුම් කළා. අපෙගේ ශක්තිමත් අලෙවි අංශයට එහි ගෞරවය හිමි විය යුතුයි"
එසේම එල්ලාවල මහතා, ජනශක්ති ආයතනයේ නිර්මාතෘ සී. ටී. ඒ. ශාෆ්ටර් මහතා වෙත කෘතඥතාවය පුද කළේය. වසර 50ක් රක්ෂණ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් ඇති ඔහු අප පිටුපස සිටින ශක්තිමත් බලවේගය යැයි එල්ලාවල මහතා පැවැසීය. මේ අවස්ථාවේ සභාව ඇමතූ අලෙවි සහ වෙළෙඳ සාමාන්‍යාධිකාරී රවී ලියනගේ මහතා පැවැසුවේ 2010 අලෙවි වාර්තා ඉතාම සුබදායක බවයි. මේ සඳහා දායකත්වය සැපයූ සියලූ දෙනාහට ඔහු ප‍්‍රණාමය පුද කළ අතර ඉදිරි වර්ෂයේ ඉලක්ක ගැන අවබෝධයක් ලබා දුන් ඔහු ඉතාම සුබදායක ගමනක් 2011 දී සිදුකළ හැකි බව පෙන්වා දුන්නේය.
කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රකාශ් ශාෆ්ටර් මහතා උත්සවයේ දී සභාව අමතමින් පැවැසුවේ"අද අපි අපගේ විජයග‍්‍රහණයේ සෙබළුන්ට ගෞරවය පුද කරමු. සටන් බිමේ නියමුවන් ඔවුන්ය. ඒ දක්ෂයන්ගෙත් දක්ෂයන්ට අපි අපේ ප‍්‍රණාමය පුද කරමු. ඔවුන් ඉතාම සාර්ථක ජයග‍්‍රාහකයන්ය. ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයට නව ප‍්‍රවණතා හඳුන්වා දුන් පසුගිය වසර සුවිශේෂයි. ජාතික සහ ජාත්‍යන්තර ජයග‍්‍රහණ නෙළා ගැනීමට අපට හැකි වූ බව සඳහන් කළේය.
ආයතනයේ වෙළෙඳ අංශය මනා වෘත්තීය හැකියා වන් පිරිපුන් අය බවද පැවැසූ ඔහු මෙසේද පැවැසීය." ඔබ තමයි ජනශක්ති පවුල වන්නේ. සමාගමේ ප‍්‍රතිමූර්තිය ඔබයි. මේ තරගකාරී වෙළෙඳ පොළ තුළ සාර්ථක වීමට ඔබට හැකියි. දිගටම ජයග‍්‍රහණ ගෙන දීමට ඔබට හැකියි. ඒ ජයග‍්‍රහණය තමයි අද අප සමරන්නේ."මෙසේ ජයග‍්‍රහණ ගැන සතුට පළ කරන අතර උතුරු නැගෙනහිර පළාත්වල සිට පවා පැමිණ ප‍්‍රීතිය බෙදාගැනීම ගැන ඔහු සැමටම ස්තුතිය පුද කළේය.
විශිෂ්ටත්වයේ ක‍්‍රියා මාලාව නිර්මාණය කිරීමෙහිලා නව ප‍්‍රාරම්භණ හා ඉඩ ප‍්‍රස්ථා අවශ්‍යවන්නා සේම ජනශක්ති සමාගම සෑම වර්ෂයකදීම ඉහළ නැංවීමට ඉවහල් වන ප‍්‍රධාන නිපුණතා සහ උසස් මට්ටමකට පත් කිරීමට අනුබල දෙන ප‍්‍රමිති ගොඩනැගීම අවශ්‍යය. විශිෂ්ටත්වය කරා ළඟා වීමේ මෙම පරිශ‍්‍රමයෙන් විපුල ප‍්‍රතිඵල නෙලා ගෙන ඇති අතර එමගින් ජනශක්ති සමාගම හුදෙක් ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට ගිය ජනශක්ති වෙළෙඳ නාමයේ සැබෑ හරය වන විනිවිදභාවය, විශ්වසනීයත්වය, පාරිසරික ගතිකත්වය සහ බලාපොරොත්තු තැබීමේ හැකියාව යන කරුණු මුසුවූ හර පද්ධතියකින් යුත් ශ‍්‍රී ලංකාවේ වඩාත් පිළිගැනීමට ලක්වී ඇති නව වෙළෙඳ නාම නිර්මාණය සහ අලෙවිය අතින් ජනශක්ති ස්ථාවර තත්ත්වයකට පත් වී ඇත.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)

This News Viewed 197 Times
Viewer Comments