නවසීලන්තය අවසන් පූර්ව වටයට -දකුණු අප්‍රිකාව තරගාවලියෙන් ඉවතට
Mar 26, 2011 09:05 am
නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර ඊයේ(25) පැවති 2011 ලෝක කුසලාන තරගාවලියේ තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 49 න් ජයග්‍රහණය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්විය.
බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක ඩැනියෙල් විටෝරි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 221 ක් රැස්කරනු ලැබීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු වාර 43 පන්දු 02 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 172 ක් පමණි.
නවසීලන්ත කණ්ඩායම ලද මෙම ජයග්‍රහණයත් සමග එම කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට 2011 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)

This News Viewed 277 Times
Viewer Comments